ආහාර වර්ග 10 මිළ ගණන් මාස 06 ක් නොවෙනස්ව පවත්වාගැනීමට සැලසුම්
prices
unchanged
By Thaya
අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක මිල ස්ථාවර අගයක් යටතේ පවත්වා ගෙන යාමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම මිල ගණන් මාස 6 ක කාලයක් පවත්වා ගැනීමටයි අපේක්ෂා කෙරෙන්නේ. සහල්, පිටි, සීනි, පරිප්පු, ලුණු, කඩල, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක් මෙලෙස ස්ථාවර මිලක් යටතේ පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට නියමිතයි.
ස්ථාවර මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර වර්ග සැපයීමට හැකි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීම ඉදිරි දිනවල සිදු කෙරෙන බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කලා.
ලබන මාසයේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර දිවයින පුරා පිහිටි සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් පාරිභෝගිකයින් වෙත එම ද්‍රව්‍ය අලෙවි කිරීමට නියමිතයි.