රක්ෂිතයෙන් රුපියල් 1 20 000/-ගංජා තොගයක් අත්අඩංගුවට...

Cannabis
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Thaya

Thaya

Report

තනමල්විල හම්බේගමුව රක්ෂිතයේ අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් එක්ලක්ෂ විසිදහසක් වටිනා ගංජා තොගයක් සමගින් සැකකරුවන් 4 දෙනෙකු මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ අළුයම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගයේ කිලෝ එකේ පාර්සල් තුනක් තිබු බව මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ මහතා පවසයි.

ව්‍යාජ ගැනුම් කරුවන් ලෙස වෙස්වලාගෙන ගොස් ගංජා තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්විි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගංජා තොගය සමගින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුව්න් හතර දෙනාට රුපියල් තිස් දහසක (30 000/-) දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

මධ්‍ය පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න , සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ,මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු පරීක්ෂකවරුන් වන අනුර අලුත්ගේ ,එදිරිසිංහ,සරත්,කෝප්‍රල් පතිරණ,නියාමකවරුන් වන රණසිංහ, සංඛ උදාර ධනුෂ්ක, රියදුරන්වන බන්ඩාර හා ජගත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.


GalleryGallery