බඳින තුවක්කුවක් පත්තු වී තරුණයෙකු මරුට
මැදවච්චිය, උඩුම්බුගලවත්ත ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සිදු කළ මූලික විමර්ශන අනුව, වගා භූමියක අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට රැගෙන යාමේදී මියගොස් තිබේ.
වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් එම බඳින තුවක්කුව මියගිය පුද්ගලයා විසින්ම අටවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.