නිවාඩුවට ගමේ ගිහින් කොළඹ එන අයට විශේෂ පණිවිඩයක්
උත්සව සමය අවසන් වූ පසු ගම්බිම්වල සිට යළි කොළඹට පැමිණීම සඳහා අද (28) දිනයේ විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.
ඒ අනුව, පළාත් කිහිපයක සිට මේ සඳහා අමතර බස් රථ යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා සඳහා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ, මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පවතින කාලසටහන් වලින් බැහැරව බස් රථ ධාවනය කිරීමට පළාත් බලධාරීන්ට උපදෙස් දී ඇති බවය.
ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, බදුල්ල, හැටන්, මහනුවර වැනි ප්‍රදේශවලින් වැඩි බස් සංඛ්‍යාවක් අද (28) සහ හෙට (29) දිනයේදී මගී ජනතාවගේ ගමන් පහසුව සලසා ගැනීම සඳහා යොදවා ඇති බවද සඳහන්.
අධිවේගී මාර්ගවලද වැඩි බස් රථ සංඛ්‍යාවක් කොළඹ පැමිණෙන මගී ජනතාවගේ ගමන් පහසුව සපුරා ගැනීමට ධාවනයට එක්කර තිබේ. එසේම, කොළඹ කොටුව – කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (28) දිනයේ ධාවනයට සැලසුම් කර ඇති අතර, හෙට (29) අලුයම 5.00ට මාතර සිට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතව තිබේ.