අධිකරණය දේශපාලනීකරණය කිරීමට එරෙහිව විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්
ආණ්ඩුව විසින් අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය බිඳහෙළන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇති බව පෙන්වා දෙමින් එවැනි ක්‍රියා තරයේ හෙළා දකින බවජාතික නිදහස් පෙරමුණ පක්ෂය ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ, අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ සැක සහ අවිශ්වාසය මතු කරන ප්‍රකාශ කිහිපයක් පසුගිය මැයි දින වේදිකාවලදී ආණ්ඩු පාර්ශ්වය විසින් සිදු කර ඇති බවයි.
ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දුවක් සහ එය ප්‍රකාශයට පත් කරන දිනය ද සඳහන් කරමින්, එම තීන්දුව අත්පොළසන් සමඟ පිළිගැනීමට ජනතාවට ආරාධනා කිරීම පිළිබඳවද ඔහු විවේචනය කර ඇත.
එවැනි ප්‍රකාශ මගින් අධිකරණය දේශපාලනීකරණය වී ඇති බවට සැකයක් මතුවන බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කරන බවද අවධාරණය කරයි.
තවද, ජනාධිපතිවරයා පමණක් නොව, අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද මෙවැනි ප්‍රකාශ මැයි දින රැලිවලදී සිදු කර ඇති බවත්, එමඟින් මහජනතාව තුළ අධිකරණ පද්ධතිය පිළිබඳ සැකයක් වැඩිදියුණු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.