UN සමුළුවලට අලි සබ්රි තම පුතාව අරන් යන්නේ ඇයි?- අලි සබ්රි කට අරියි. (PHOTO)

Ali Sabry Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka
By Wayomi Sep 23, 2023 07:59 AM GMT
Wayomi

Wayomi

Report

මේ දිනවල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමාන්තරව පැවැත්වෙන විවිධ රැස්වීම් හා සමුළු ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙනවා.

ඒ සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගී වන අතර ඊට ඔහුගේ පුත්‍රයා ද සහභාගි කරවා ගෙන ඇත.

එය සමාජ ජාලයන් තුළ විවේචනයට ලක් වෙමින් පවතින අතර මෙම චෝදනා සම්බන්ධ ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් අවස්ථා සඳහා තම පුත්‍රයා සහභාගීම සත්‍යයක් වන නමුත් ඒ සඳහා විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක් හෝ වියදම් කර නොමැති බවයි.

UN සමුළුවලට අලි සබ්රි තම පුතාව අරන් යන්නේ ඇයි?- අලි සබ්රි කට අරියි. (PHOTO) | Why Does Ali Sabri Take His Son To Un Conferences

එමෙන්ම තම පුත්‍රයා තමන් ගේ ඉල්ලීම පරිදි තාවකාලික ස්වෙච්ඡා පදනමක් මත තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර දැනට ඔහුගේ පුත්‍රයා එක්සත් ජනපදයේ අධ්‍යාපන කටයුතු කරගෙන යන බවත් එම කාලය අතරතුර දින කිහිපයකට ඔහුගේ විශේෂඥ දැනුම හා කාලය ස්වෙච්ඡාවෙන් ලබාදීමට ඉදිරිපත් වී ඇති බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා ඔහුට කිසිදු වැටුපක් වෙන්කර නැති බවත් තමන්ගේ තීරණාත්මක කටයුතු සඳහා තමන්ට ඔහු උපකාර වූ බව තමන් පිළිගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

UN සමුළුවලට අලි සබ්රි තම පුතාව අරන් යන්නේ ඇයි?- අලි සබ්රි කට අරියි. (PHOTO) | Why Does Ali Sabri Take His Son To Un Conferences

ReeCha