තිරිඟු පිටි මිල ඉහළට

wheat flour preema prices up marketing agents
By Sewvandhi Jun 01, 2021 12:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පිටි වර්ග වලින් රොටි පිටි වල මිල රු 4 කින් (01) දින සිට ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරුන් කියා සිටියි.

ආපනශාලා වල රොටි පිටි වලින් ආහාර රැසක් පිලියෙල කරන අතර පාරිභෝගිකයන්ද විශාල වශයෙන් රොටි පිටි මිල දි ගනු ලබයි.

රොටි පිටි වලින් ආපනශාලා හිමියන් කොත්තු රොටි, පොල් රොටි , අල රොටි , බිත්තර රොටි ,පිට්ටු , ඉදි ආප්ප සහ පරාටා වැනි ආහාර ද්‍රව්‍යය පිලියෙල කරනු ලබයි.

රොටි පිටි කිලෝ 50 ක මිටියක් මිට ප්‍රථම රු 2150 අලෙවි කල අතර , නව මිල අනුව රු 2350 කට රොටි පිටි කිලෝ 50 ක් සහිත මිටියක් අලෙවි කිරිමට සිදු වන බවයි ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now