පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන නිලන්තගේ WhatsApp පණිවිඩය එළිය

Report

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමට පෙර විදෙස් බුද්ධි අංශ නියෝජිතයකු මගින් ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරු ලබාගෙන, එවක බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවට නව අනාවරණයක් සිදුව තිබේ.

ඒ අනුව, එම තොරතුරු ඇතුළත් වට්ස්ඇප් පණිවිඩයක් එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත යවා ඇති අතර, එය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

අදාළ පණිවිඩය අනුව, එම බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට අමතරව එවක පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙතද යොමු කර ඇති බව සඳහන් වේ.

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

රවී සෙනෙවිරත්න මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු ඔහු යටතේ ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එවක රටේ ආරක්ෂාව භාරව සිටි නිලධාරීන් මෙම බුද්ධි තොරතුරු අනුව නිසි පියවර ගෙන තිබුණේ නම්, ප්‍රහාරය වළක්වාගැනීමට හෝ එහි හානිය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි.

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

සිංහ සහ මකර ලග්න හිමියන්ට සුවිශේෂී නායකත්ව අවස්ථා - අද ඔබේ ලග්නය මෙතැනින් බලන්න

Gallery