පළවෙනි පාරට මොනවද මේ හොයා ගෙන තියෙන්නේ...

By Kaushi May 18, 2025 05:04 PM GMT
Report

තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉතා දුරස්ථ වුවද තරුණ තරු පංතියක් වටා ඝන වූ ජලය පවතින බවට තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිත කරමින්.

මේ වන විටත් විද්‍යාඥයන් විසින් පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය වටා ඕනෑ තරම් ඝන වූ ජලය සොයාගෙන ඇත.

ඉස්සරහට නැති වෙන්න යන කෑම

ඉස්සරහට නැති වෙන්න යන කෑම

එහෙත් අනෙකුත් තරු පංති වටා ද ඝන ජලය ඇති බවට නිශ්චිත සාක්ෂි ඔවුන් සතුව ඇති පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව වසර මිලියන 23 ක් පමණක් පැරණි, ආලෝක වර්ෂ 155 ක් දුරින් පිහිටි සූර්යයා වැනි තාරකාවක් වටා කක්ෂගත වන දූවිලි සහිත සුන්බුන් තැටියක ස්ඵටිකරූපී ඝන ජලය මෙසේ සොයාගෙන ඇති බව The journal Nature සඟරාවේ සඳහන්.

තවද මෙම තාරකාව සූර්යයාට වඩා තරමක් විශාල හා උණුසුම් වන හෙයින් එය වටා තරමක් විශාල පද්ධතියක් ඇති වී ඇති බව ද වාර්තා වේ.

එසේම නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ සොයාගැනීම් අනුව HD 181327 ලෙස මෙය නම් කර තිබෙනවා.

HD 181327 යනු ඉතා ක්‍රියාකාරී පද්ධතියක් බව තාරකා විද්‍යාඥයින් පවසයි.

සුළිකුණාටුවක්... 25 ක් මිය ගිහින්... කවුරුත් විමසිල්ලෙන්

සුළිකුණාටුවක්... 25 ක් මිය ගිහින්... කවුරුත් විමසිල්ලෙන්

මෙහි දී තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා ඇත්තේ එහි සුන්බුන් තැටියේ නිතිපතා, අඛණ්ඩ ගැටුම් පවතින අතර එම අයිස් සහිත වස්තූන් ගැටෙන විට, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට හඳුනා ගැනීමට පරිපූර්ණ ප්‍රමාණයේ දූවිලි සහිත ජල අයිස් කුඩා අංශු නිකුත් කරන බවයි.