බොහෝ දෙනා බියවදමින් ඉදිරි පැය කිහිපයේ වෙන්න යන දේ..හෙට හවස හතර වෙනකම්ම තියෙනවා..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Aug 20, 2024 12:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (20) සවස 4ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට සවස 4 තෙක් වලංගු බවයි.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

කවුරුත් නොසිතූ ලෙස වහාම විභාගයක් කල් දමයි..නැවතත් ආරම්භ කරන දිනය මෙන්න..

කවුරුත් නොසිතූ ලෙස වහාම විභාගයක් කල් දමයි..නැවතත් ආරම්භ කරන දිනය මෙන්න..

ReeCha