ජල සේවා SMS සේවාව යථා තත්වයට

Government Of Sri Lanka Cyber Attack Water Board Sinhala news gagana news
By Shehan Jun 03, 2025 04:49 AM GMT
Shehan

Shehan

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් දත්තවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව එම මණ්ඩලය නිවේදනය කරයි.

අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රදීප් හේරත් මහතා පවසන පරිදි, මේ වන විට දත්ත පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

ලංගම බස්වලට අපලද? - කොළඹදී අද උදේ සිදු වූ බිහිසුණු බස් අනතුරේ CCTV දර්ශන

පසුගිය ඉරිදා (01) පස්වරුවේදී කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර, එහිදී එම පුද්ගලයා කෙටි පණිවුඩ සේවාව හරහා පාරිභෝගිකයින් වෙත කෙටි පණිවුඩ යොමු කර ඇත.

ආසන්න වශයෙන් කෙටි පණිවුඩ 10,000ක් පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත යවා ඇති බවත්, එම පණිවුඩ හරහා සිය දත්ත ලබා ගැනීම සඳහා මුදලක් බැංකුවකට බැර කරන ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

මම ආයෙ තරඟ වලට යන්නෑ! වෙච්චි දේ ගැන අනුදි කට අරියි

කෙසේ වෙතත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී එම කෙටි පණිවුඩ සේවාව යථා තත්ත්වයට පත්කර, සියලු පාරිභෝගිකයින්ට ව්‍යාජ පණිවුඩ පිළිබඳව දැනුම් දී ඇත.

මේ අතර, රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT) පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතිවල දුර්වලතා හේතුවෙන් මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවයි.

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

පොලිස්පති දේශබන්දු අදත් විමර්ශන කොමිටුව හමුවේ

පොලිස්පති දේශබන්දු අදත් විමර්ශන කොමිටුව හමුවේ

ReeCha