ඉන්දීය දේශපාලනයේ තවත් වෙනසක් - තමිල්නාඩුව පුදුම කරමින් සුපිරි නළු තලපති විජේට ලැබෙන්න යන දැවැන්ත සහය
By Kaushi
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කළගම් පක්ෂයට සහාය ලබාදීමට ඉන්දීය කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් DMK පක්ෂය සමඟ දීර්ඝ කාලයක් පුරාවට පැවති සන්ධානයෙන් ඉවත් වනු ඇති බව සඳහන්. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මේ බව ලිපියකින් දන්වා ඇති බවයි.
එසේම මෙවර ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්රස් පක්ෂයට හිමි වූ ආසන සංඛ්‍යාව පහකි.
එබැවින් මෙම නව සන්ධානය ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කරනු ඇති බව ද කොංග්‍රසය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් විජේගේ පක්ෂය මෙම මැතිවරණයේදී ආසන 108ක් දිනාගෙන ඇතත් ප්‍රාන්තයේ බලය පිහිටුවීමට ආසන 118ක් තිබිය යුතු වේ.
ඒ අනුව කොංග්‍රසයේ ආසන 05ක් සහාය හිමිවූවත් ආණ්ඩුව පිහිටුවීමට තවත් 05කගේ සහාය TVK පක්ෂය ලබා යුතුව ඇත.