ඉන්දීය දේශපාලනයේ තවත් වෙනසක් - තමිල්නාඩුව පුදුම කරමින් සුපිරි නළු තලපති විජේට ලැබෙන්න යන දැවැන්ත සහය

By Kaushi May 06, 2026 08:46 AM GMT
Report

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් ජෝෂප් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කළගම් පක්ෂයට සහාය ලබාදීමට ඉන්දීය කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් DMK පක්ෂය සමඟ දීර්ඝ කාලයක් පුරාවට පැවති සන්ධානයෙන් ඉවත් වනු ඇති බව සඳහන්. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මේ බව ලිපියකින් දන්වා ඇති බවයි.

එසේම මෙවර ප්‍රාන්ත මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂයට හිමි වූ ආසන සංඛ්‍යාව පහකි.

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තලපති විජේ හෙට දිවුරුම් දෙයි

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තලපති විජේ හෙට දිවුරුම් දෙයි

එබැවින් මෙම නව සන්ධානය ඉදිරි මැතිවරණවලදී එක්ව තරග කරනු ඇති බව ද කොංග්‍රසය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් විජේගේ පක්ෂය මෙම මැතිවරණයේදී ආසන 108ක් දිනාගෙන ඇතත් ප්‍රාන්තයේ බලය පිහිටුවීමට ආසන 118ක් තිබිය යුතු වේ.

ඒ අනුව කොංග්‍රසයේ ආසන 05ක් සහාය හිමිවූවත් ආණ්ඩුව පිහිටුවීමට තවත් 05කගේ සහාය TVK පක්ෂය ලබා යුතුව ඇත.

අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට දකුණු කොරියාවත් කැමති වෙන ලකුණු - විශේෂ අවධානයක් යොමු වෙයි

අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට දකුණු කොරියාවත් කැමති වෙන ලකුණු - විශේෂ අවධානයක් යොමු වෙයි

චීන තානාපතිගෙන් ලංකාවේ තරුණ පරපුරට විශේෂ ලිපියක්

චීන තානාපතිගෙන් ලංකාවේ තරුණ පරපුරට විශේෂ ලිපියක්