‍යළි උණුසුම් වූ හෝමුස් නිසා ලෝකෙම බයෙන් ඉද්දි අමෙරිකාවෙන් ලෝකෙටම සැනසිල්ලක් දුන් ප්‍රකාශයක්

Report

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව වුවද, අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය අවසන් වී නොමැති බවට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ සිදුවූ සතුරු ක්‍රියාවලින් පසු සටන් විරාමය අවසන් දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, "නැත, සටන් විරාමය අවසන් වී නැත," යනුවෙන්.

උණුසුම මැද ඉන්දියාව ලෝකෙම අවධානයට - මිසයිල කිහිපයක් පිට පිට අත්හදා බලයි

උණුසුම මැද ඉන්දියාව ලෝකෙම අවධානයට - මිසයිල කිහිපයක් පිට පිට අත්හදා බලයි

එසේම එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව දියත් කරන හමුදා ක්‍රියාමාර්ග සහ වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක කරන 'Project Freedom' මෙහෙයුම යනු එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් දෙකක් බවයි.

"අපි අපව ආරක්ෂා කරගන්නා බවත්, එය ඉතා දැඩි ලෙස සිදුකරන බවත් ප්‍රකාශ කළා. අපි එය එලෙසම ඉටුකර තිබෙනවා. ඉරානය ඒ බව දන්නවා. අවසානයේදී යම් සිදුවීමක් සටන් විරාමය උල්ලංඝනය කිරීමක් දක්වා වර්ධනය වන්නේද යන්න පිළිබඳව තීරණය ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්,"යනුවෙන් හෙග්සෙත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද සටන් විරාමයේ සීමාවන් ඉක්මවා නොයන ලෙසත්, ගනු ලබන ක්‍රියාමාර්ගවලදී බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් ඔහු ඉරානයෙන් ඉල්ලා ඇති බව සඳහන්. "දැනට සටන් විරාමය නිසැකවම පවතිනවා, නමුත් අපි ඒ පිළිබඳව ඉතා දැඩි අවධානයෙන් පසුවෙනවා,"   

යුද්ධෙට මැදිවෙන චීනය - ඉරාන විදේශ ඇමති හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරගෙට චීනෙට යයි

යුද්ධෙට මැදිවෙන චීනය - ඉරාන විදේශ ඇමති හා ඩොනල්ඩ් ට්‍රම්ප් තරගෙට චීනෙට යයි

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි