තලපති විජේගේ රැළියෙන් අවුරුදු දෙකේ කිරිසප්පයෙකුත් මියගිහින්

Report

ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියේ දී ඇතිවූ තෙරපීමෙන් මිය ගිය අය අතර අවුරුදු 2ක් වයසැති කුඩා දරුවෙකුද සිටිය බව පුවතක් වාර්තා වේ. එහිදී මිය ගිය දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉල්ලීමක් කර ඇත්තේ ජනාකීර්ණ උත්සවවලට කිසි විටෙකත් තම දරුවන් රැගෙන නොයන මෙන්ය.

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි

තමිල්නාඩුවේ නොසන්සුන්තාව දිගටම - මියගිය අයගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි

එහිදී දරුවා හැඬීමට පටන් ගත් නිසා රැගෙන ආ බවත් රැස්වීමට විජේ පැමිණි අවස්ථාවේ විදුලිය විසන්ධි කිරීම නිසා ඔහු කියන දේවල් පැහැදිලිව නොඇසීම හේතුවෙන් සියලු දෙනා බසය ළඟට යාමට උත්සහා කළ බවත් මිය ගිය දරුවාගේ ඥාතියෙකු පවසා ඇත.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දරුවාගේ මරණයට විජේට දොස් පැවරිය යුතු නැති බවත් දරුවා එවැනි තැනකට රැගෙන යාම ඔවුන්ගේ වරදක් බවයි. එමෙන්ම මෙම සිදුවීමෙන් මේ වන විට 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම පිරිස අතර ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු ඇතුළත් වේ.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

වැඩිදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තමිල්නාඩු රජයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.

මේ අතර තමිල්නාඩු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ විජේගේ පක්ෂය විසින් පළමුව කරුර් ප්‍රදීපාගාර රවුන්ඩ්ටානා හී රැලිය පැවැත්වීමට අවසර ඉල්ලා සිටි බවය. කෙසේ වෙතත් පසුගිය රැලි දෙකේදි විශාල ජනකායකත් පැමිණි බව සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ රැලිය පැවැත්වීමට අවසර ලබා නොදුන් බවද ඔහු පවසා තිබේ.

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා තිබූ බවත් දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

එමෙන්ම මේ වන විට විජේගේ රැලිය සංවිධානය කිරීම සඳහා වගකිව යුතු පක්ෂ සාමාජිකයෙකු වූ කරුර් හී දිස්ත්‍රික් ලේකම්වරයෙකුට පොලීසිය විසින් නඩු පැවරීමටද කටයුතු කර තිබේ.  

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

දඬුවම් දීම පිළිබඳ පනත ගුරුවරුන් ඉලක්ක කරගත් සංශෝධනයක් ද?

දඬුවම් දීම පිළිබඳ පනත ගුරුවරුන් ඉලක්ක කරගත් සංශෝධනයක් ද?

රන් මිලේ හදිසි වෙනසක්

රන් මිලේ හදිසි වෙනසක්