භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්
වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා විසින් මිනිසුන් දිනකට ලක්ෂ ගාණක් මියයන රෝගී තත්වයක් පිළිබවද තම අවධානය යොමු කර ඇත.
හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසන්නේ ලෝකය පුරාම හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වන බවයි.
ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බව ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මිනිසාගේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා,
''හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේ ද හෘදයාබාධයක ලක්ෂණ මොනවාද හෘදයාබාධයක් ඇති වූ විට අපි ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න දැන ගැනීම සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පමණක් වගකීම නෙමේ. එය සියලු මහජනතාව දැනුවත් විය යුතු කරුණක්. ඔබ ඒ ගැන දැනුවත් වුවහොත් ඔබ ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවහොත් වෛද්‍යවරුන්ටත්, හෙද කාර්ය මණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කළ හැකි දේ බොහෝමයි.. අපි අපේ හදවතට කළ යුතු යුතුකමක් තියෙනවා. එය ඉටු කිරීම ඔබේ වගකීමක්..'' '
'ලෝක හදවත් දිනය යෙදී තියෙන්නේ සැප්තැම්බර් 29 වැනිදාට.ඊට සමගාමීව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය සංවිධානය කළා පා ගමනක් හා මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්. මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා කියන පණිවිඩය. මම හිතනවා මෙය හොඳ පූර්වාදර්ශයක් වේවී ශ්‍රී ලාංකිකයින් හැමදෙනාටම නිවැරදි හදවතක් සහිතව ඉතිරි ජීවිත කාලේ ජීවත් වෙන්නේ''