ජාතික පරිසර සතිය අදින් ඇරඹේ

Report

 ජගත් පරිසර දිනයට සමගාමීව සංවිධානය කර ඇති ජාතික පරිසර සතිය අදින් (30) ආරම්භ වී තිබේ .

එහි සමාරම්භක වැඩසටහන ලෙස වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අටවිසි බෝධි වෘක්ෂ රෝපණ හා බෙදාදීමේ වැඩසටහනක් අද පෙරවරුවේ මල්කෝන, පෙතියාගොඩ ශ්‍රී වාපිකාරාමයේදී පැවැත්වීමට නියමිතය.

“Urgent Climate Action” (කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය) යන ගෝලීය තේමාවට සමගාමීව, ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම යටතේ “දලුලන්න ඉඩදෙන්න” තේමාවෙන් සමරනු ලබයි .

ජාතික පරිසර දින සැමරුම් උත්සවය ජුනි 5 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය අද ( 30) සිට ජුනි 5 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එම සතිය තුළ පරිසර ආකල්ප ප්‍රවර්ධනය, පවිත්‍රතාව, වායු දූෂණ පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, ජල සම්පත් ආරක්ෂාව සහ වෙරළ පවිත්‍ර කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

වෙසක් සමරන්න අද කොළඹ එන ඔයාට විශේෂ දැනුම් දීමක්

වෙසක් සමරන්න අද කොළඹ එන ඔයාට විශේෂ දැනුම් දීමක්