නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට හදිසියේම සිදු කළ දේ - අජිත් රෝහණ මහතාත් ඒ අතර..
බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පොලිස්පතිවරයා,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවක දී නීත්‍යානුකූලව රාජකාරියේ නිරතවන සෑම පොලිස් නිලධාරියෙකුටම විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළහ.
මේ අතර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවක් ලබා දී ඇති අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස්. දමින්ද මහතාට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මහතා මාරුකර යවා ඇත්තේ අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
