මෙරට මාර්ග තදබදයට මානව හිමිකම් කොමිසම පෙරට එයි.

By Wayomi Feb 11, 2023 10:18 AM GMT
Report

 මෙරට පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ, වාහන අනතුරු හේතුවෙන් ජීවිත හානි සිදුවීම, නිරන්තරයෙන් මාර්ගවල අධික වාහන තදබදයක් පැවතීම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින්.

මේ අනුව පසුගිය දා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කොළඹ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය ඇතුළු ආයතන කීපයක් ඊට එක් වී තිබෙනවා.

මෙම ගැටලුව පිළිබඳව රජය දැනුවත් කළ යුතුව ඇති බැවින් ඊට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් දින 30ක් ඇතුළත තම කොමිසම වෙත ලබා දෙන ලෙස ද කොමිෂන් සභාව එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන්ට දැනුම් දී ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW