ලෝක සංචාරක දිනය අදයි.

Report

සැප්තැම්බර් 27 ලෝක සංචාරක දිනයයි.

සංචාරක හා හරිත ආයෝජනය යන්න මෙවර එහි තේමාව වී තිබෙනවා.

සෞදි අරාබියේ රියාද් නගරයේ ෆෝ සීසන්ස් හෝටලයේ අද සහ හෙට ලෝක සංචාරක දින ප්‍රධාන උත්සවය පැවැත්වීමට නියමිතයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ඊයේ (26) මිලියනය ඉක්මවා ගියා.

ඒ කටුනායක ගුවන් තොටුපළින් රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් සිය පවුලේ සාමාජිකයන් සමඟ පැමිණීමත් සමඟයි.

සංචාරකයන්ගේ පැමිණීම මිලියනය ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙය වන්නේ 2019 වසරෙන් පසුවයි.