පොහොර ගෙනාවට දෙන්නේ තෝරලාලූ..
පසුගිය දවස්වල පොහොර ගැටලුව සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ කතිකාවන් නිර්මාණය වුණා. ඒ වගේම මේ ගැන රජය ද විශේෂ අවධානයක් යොමු කරා.ඒ වගේම පසුගියදා ඒ සම්බන්ධයෙන් ලාල් කාන්ත අමාත්‍යවරයාද අදහස් ඉදිරිපත් කර තිබුණා. පොහොර සහනාධාරය නිසි කාලයට නිසි පුද්ගලයින්ට පමණක් හිමි විය යුතු බව කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් ඇතුළු ඉහළ නිලධාරීන් අතර ගොවිජන මන්දිර පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවේදීය. මෙහිදී අදාළ අමාත්‍යාංශවල වත්මන් තත්ත්වය ඒ ආශ්‍රිතව පැන නඟින ගැටලු සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.
රට පුරා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 35%ක හිඟයක් පවතින බවත්, එම හේතුව නිසා පොහොර සහනාධාරයේ දත්ත ලැබීම ප්‍රමාද වීමෙන් පොහොර සහනාධාර මුදල් ලැබීම ප්‍රමාද වන බව ද මෙහිදී අනාවරණය විය. කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශවල කාර්යයන් සිදු කිරීමේදී ප්‍රායෝගික භාවිතය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද අමාත්‍යවරයාමෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා පැවසුවේ මාත්‍යාංශය විසින් යම් චක්‍රලේඛයක් හෝ ගැසට් නිවේදනයක් පළ කරන්නේ නම්, රටේ තත්ත්වය මෙන්ම පවතින වටපිටාව පිළිබඳ අවබෝධයෙන් එය සිදු කළ යුතු බවයි. ප්‍රමාදයකින් තොරව මහජනයාගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ වැදගත්කම ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
