පාසල තුළදීම සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට සිදු වූ දේ..

Sri Lanka Police Ministry of Education Batticaloa Department of Prisons Sri Lanka Education
By Aruna Sep 12, 2023 04:43 AM GMT
Aruna

Aruna

Report

පාසල තුළදීම දස හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිතව වසර හතක(07) සිර දඬුවමක් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම් මිහාල් විසින් ඊයේ (11) දින නියම කරනු ලැබුවා.

විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම දඬුවමට අමතරව රුපියල් 25000ක දඩ මුදලක්ද, රුපියල් ලක්ෂයක වන්දියක්ද, දැරියට ගෙවන ලෙසයි .

2014 සැප්තැම්බර් 23 වැනි දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට අනුව මන්නාරම පොලීසිය අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

දැරිය දූෂණය කිරීමේ සිද්ධිය දැරියගේ කට උත්තරය හා අධිකරණ වෛද්‍ය වාර්තාව හා තවත් විද්‍යාත්මක සාධක මත පැහැදිලිව ඔප්පු වූ බවත්, විත්තිකාර විදුහල්පතිවරයා එම චෝදනාව තමන් විසින් සිදු කරන ලද බවට ප්‍රකාශයක් කරමින් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටි බවත්, අප වාර්තාකරු ප්‍රකාශ කළා.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම චූදිත විදුහල්පතිවරයා මහා හඬින් අධිකරණය තුළ විලාප තබමින් තමන්ව නිදහස් කරන ලෙසද ආයාචනා කොට තිබෙන බවද වාර්තා වේ.

12 හැවිරිදි පාසල් සිසුවෙකු දූෂණය කළ ගුරුවරිය.. - තවත් සිසුන් පිරිසකට ඇගේ නිරුවත් ඡායාරූප යවල සිදු වූ දේ..

12 හැවිරිදි පාසල් සිසුවෙකු දූෂණය කළ ගුරුවරිය.. - තවත් සිසුන් පිරිසකට ඇගේ නිරුවත් ඡායාරූප යවල සිදු වූ දේ..


ReeCha