කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සියළු තොරතුරු හෙළිවේ..අයිය ඉස්සරහ නංගිට කළ දේ.(VIDEO)

Police Gossips Anuradapura Salon businessman murder
By Aruna Nov 12, 2021 08:08 AM GMT
Aruna

Aruna

Report

ප්‍රසිද්ධ කොණ්ඩා කැපුම්හල් කිහිපයක හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සියළු තොරතුරු අනාවරණ වී තිබෙනවා.

21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ සහෝදරයා විසින් සිදුකළ පහරදීමකිනුයි බරපතල තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඒ, අනුරාධපුර ගල්කඩවල - ඇලයාපත්තුව ප්‍රදේශයේදියි. මෙම කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය කාලයේදී සමාජ මාධ්‍යයෙහි ප්‍රසිද්ධියට පත්වූයේ සිය පෙම්වතියගේ උපන්දිනය දා රුපියල් කෝටි ගණනක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස ලබාදීමේ සිද්ධියත් සමඟයි.

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ මෙම කෝටිපති ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ කොළඹ සිට අනුරාධපුරයට පැමිණ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියගේ නිවසට පැමිණ තිබෙනවා.

ඔහු මෙලෙස නිවසට පැමිණ ඇත්තේ අදාළ තරුණිය යළිත් තම සේවා ස්ථානය වන ප්‍රසිද්ධ කොණ්ඩා කැපුම්හල වෙත රැගෙන යාම සඳහායි.

අදාළ තරුණිය මාස කිහිපයක් මෙම කෝටිපති ව්‍යාපාරිකයාට අයත් කොණ්ඩා කැපුම්හලක සේවය කර ඇති අතර, පසුව ඇය යළිත් නිවස වෙත පැමිණ ඇත්තේ එහි සේවය කිරීමට අකමැති බව දන්වමින්.

ඒ අනුවයි එම තරුණිය යළිත් කොණ්ඩා කැපුම්හලේ සේවය කිරීම සඳහා එක් කරගෙන යාමට මෙම කෝටිපති ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ අදාළ තරුණියගේ නිවස වෙත පැමිණ ඇත්තේ.

එම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා, තරුණියව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර, එහිදී ඇගේ සොහොයුරා විසින් තියුණු ආයුධයකින් ඔහුට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා ඇලයාපත්තුව රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බවද ඇලයාපත්තුව පොලිීසිය ප්‍රකාශ කළා.

රටේම කතාබහට ලක්වූ සිය බිරිඳගේ උපන්දිනයට කෝටි දෙකක් වටිනා බෙන්ස් වර්ගයේ මෝටර් රථය ලබාදුන් මොහොත පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha