විදුලි බිඳ වැටීමට හේතුව වඳුරෙක් නෙමෙයිලු! - වාර්තාව කියයි
සූර්ය පැනල මගින් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන ඉහළ විදුලි ධාරිතාව හේතුවෙන් පද්ධතියේ ස්තායිතාව අඩුවීම, පෙබරවාරි 9 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමට හේතුව බව විද්වත් කමිටුව ප්‍රකාශ කර ඇත.
මෙම තොරතුරු එම කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමින් හෙළි කෙරිණි.
පූර්ණ කමිටු වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.