සුපිරි නළු තලපති විජේ මුස්ලිම් වෙලා? අන්තිමට ලොකු නඩුවකුත් වැටිලා
ලෝක ප්‍රකට දමිළ සිනමාවේ තරුවක් වන නළු, දේශපාලනඥ තලපති විජේ ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති බව කියන පුවතකට පහුගිය ටිකේ තටු ලැබිලා තිබුණා.
නිකන්ම නෙවෙයි, ඒ අන්තර්ජාලය පුරාම හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක්ම සමඟමයි.
ඒ ඡායාරූපවලට අනුව, විජේ ඉන්නෙ මුස්ලිම් ජාතිකයෙක් හැටියට සැරසීගෙන ඉස්ලාම් ආගමික වතාවත්වල යෙදෙමින්. ඉතින් මේ ඡායාරූප සමාජ මාධ්‍යවල පැතිරෙන්න ගත්තෙ ‘තලපති විජේ ඉස්ලාම් ආගමට හැරුණු බවක්’ හැඟවෙන ආකාරයටයි.
කෙසේ නමුත් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන හොයලා බැලුවාම අනාවරණය වුණේ, අදාළ ඡායාරූප එකතුව සහ වීඩියෝපට තමිල්නාඩුවේ චෙන්නායි හි ඉෆ්තාර් උත්සවයක් අතරතුර ලබාගත් ඡායාරූප බවයි.
ඡායාරූප එකතුව තවත් විශේෂ වෙන්නෙ, මේවා මෙලෙස හුවමාරු වෙන්නෙ විජේ දේශපාලනට පිවිස තමිලගා වෙට්රි කසාගම් (TVK) පක්ෂය දියත් කරමින් නිල වශයෙන් දේශපාලනයට පිවිසීමත් සමඟ වීම නිසාවෙනි.
කෙසේ නමුත් විජේ මෙලෙස ඉස්ලාම් භක්තිකයෙක් සේ සැරසීම සරල කාරණයක් වෙලත් නෑ. මොකද ඊට එරෙහිව ‘තමිල්නාඩු සුන්නත් ජමාත්’ හි සයිඩ් ගවුස් විසින් පොලිස් පැමිණිල්ලක් ද මේ වන විට ගොනුකර අවසන්.
ඒ, මුස්ලිම්වරුන්ට අපහාස කළ බවට වන චෝදනාව මත. මෙම උත්සවය ‘මුස්ලිම් ප්‍රජාවගේ ගෞරවයට කළ විශාල හානියක් බවයි’ කියමින්.
එහෙමත් නැත්නම් ‘ආගමික හැඟීම් රිදවීම’ යන මතය ඉදිරිපත් කරමින් මෙලෙස පැමිණිල්ලක් ගොනුකර ඇත.
අදාළ පැමිණිල්ලෙහි සඳහන් වන්නේ, උපවාසයට හෝ ඉස්ලාමීය පිළිවෙත්වලට කිසිසේත්ම සම්බන්ධ නැති පුද්ගලයින්, “බේබද්දන්” ඇතුළු පිරිසක් ඊට සහභාගීව ඉෆ්තාර්හි පාරිශුද්ධත්වයට අපහාස කළ බවයි.
එසේම, විජේගේ ආරක්ෂකයින් එහි රැස්ව සිටි මිනිසුන්ට සතුන්ට සේ සැලකූ බවටත් චෝදනා එල්ලව තිබෙනවා.
මෙම උත්සවය වෙනුවෙන් නිසි විධිවිධාන සකස් කිරීමට විජේ අපොහොසත් වූ බවයි ඒ සෑම චෝදනාවකින්ම කියවෙන්නෙ.
එමෙන්ම, මෙම දුර්වල සැලසුම් හමුවේ, බොහෝ සහභාගිවන්නන් පානීය ජලය නොමැතිව සිටි බවත්, සමහරු විජලනයෙන් ක්ලාන්ත වූ බවටත් වාර්තා වනවා.
මේ අවස්ථාවේදී විතරක් නෙවෙයි, විජේගේ පළමු දේශපාලන රැළිය අතරතුරදීත් එවැනිම වාතාවරණයක් පැවති බවයි වාර්තා වන්නේ.
ඉතින්, මේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන්වත් විජේට ගරුත්වයක් නෑ කියන චෝදනාව ප්රබලව එල්ල වනවා.
එක අතකින් එය විජේගේ දේශපාලන ගමනටත් විශාල පහරක් එල්ල කර ඇති බව නොරහසක්.
කෙසේ නමුත් ඉෆ්තාර් උත්සවයේදී සිදු වූ බව කියන වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් විජේ කිසිදු පසුතැවිල්ලක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බොහෝ පිරිසකගෙ නිගමනය වෙලා තියෙන්නෙ, විජේගේ මේ ක්‍රියාව ඉස්ලාමීය සම්ප්‍රදායන් කෙරෙහි සැබෑ ගෞරවයකින් මෙහෙයවනු ලැබූවක් නොව හුදෙක් දේශපාලනික ක්රියාකලාපයක් වන බවයි.
විජේගේ ක්‍රියාකලාපය සම්බන්ධව, ‘තමිල්නාඩු සුන්නත් ජමාත්’ හි සයිඩ් ගවුස් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්,
“ඉෆ්තාර් උත්සවයේ කණගාටු විය යුතු සිදුවීම් තිබියදීත්, විජේ කිසිදු කණගාටුවක් ප්‍රකාශ කළේ හෝ වගකීම භාර ගත්තේ නැත. මෙය ඔහු ආගමික හැඟීම්වලට සැබවින්ම ගරු කරනවාද නැතහොත් ඔහුගේ සහභාගීත්වය හුදෙක් දේශපාලන වාසි සඳහා ද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි. උත්සවයේදී මිනිසුන්ට ගවයන්ට මෙන් සැලකුවා. විජයගේ විදේශීය ආරක්ෂකයින් සමූහය අමානුෂික ලෙස හැසිරුණු අතර, මානව ගරුත්වය නොමැති බව පෙන්නුම් කළා. එවැනි හැසිරීම් ඉවසිය නොහැකියි. මෙය නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගත යුතුයි. අපි පැමිණිල්ලක් ගොනු කරන්නේ ප්‍රසිද්ධිය සඳහා නොවේ. එවැනි සිදුවීම් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහායි. විජේ මුස්ලිම් ප්‍රජාවට අපහාස කිරීම වෙනුවෙන් නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතුය.’‘
[SSIBQDE]
[TVOZP4H]
