ස්ටාලින් ගේමටම එයි -ගැටළු උග්‍ර වන ලකුණු...!!!
By Akash
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්නතම ස්ථානය ලෙස සැලකෙන රාමේෂ්වරමේ නව ධීවර වරායන් තුනක් ඉදිකිරීමට තීරණය කොට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් මෙම තීරණය ගෙන ඇති බව එම මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දේ . තමිල්නාඩු මහ ඇමැතිවරයා ඒ වෙනුවෙන් වෙන්කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 150ක් ලෙස දැක්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්නය විසඳීමට කටයුතු කළේ නැති බවපවසා තමිල්නාඩු මහ ඇමැතිවරයා මෙම ධීවර වරායන් තුන ඉදිකිරීමට සූදානම් වන බව කියැවේ.
තමිල්නාඩු මහ ඇමැතිවරයාගේ මෙම තීන්දුවත් සමග ඉන්දු-ලංකා ධීවර ගැටුම තවත් උග්‍ර වන ලකුණු පහළ කොට ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත .