පිටකොටුව බස් නැවතුම්පොළට හානි කළ සැකකරු රිමාන්ඩ්
නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පළට හානි කළ සැකකරු රිමාන්ඩ් - අද දවසේ පුවත් සාරාංශය පසුගියදා නවීකරණය කර මහජන අයිතියට පත් කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි දේපළවලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කැලණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු විසින් සොරකම් කරන ලද දේපළවලින් කොටසක් ද සමඟිනි.
බස් නැවතුම්පළෙහි සුභසාධක අංශය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, සිදුව ඇති අනර්ථය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට ද නියමිතව ඇත.
මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේ ද විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වන නමුත් අද උදෑසන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණි මගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණි.