නීතිවිරෝධීව රැගෙන ආ විසිතුරු පැළ තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හතකට වඩා වැඩි වටිනාකමකින් යුත් විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට පැමිණි සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ විසිතුරු පැළ 229ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ශාක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර රහිතව මෙම පැළ මෙරටට රැගෙන ඒම හේතුවෙන් ඒවා රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගුව වැඩිදුර විමර්ශන පවත්වයි.