සමීක්ෂණයෙන් එළි වුණ පාකිස්ථානයේ තිත්ත ඇත්ත

By Kaushi Jan 05, 2026 02:50 PM GMT
Report

වර්ධනය වන වියදම් සපුරාලීම වෙනුවෙන් විදේශ ප්‍රේෂණ සහ මූල්‍ය ආධාර මත යැපීම වැඩි වූ බැවින්, පකිස්ථානුවන් සිය ආදායමෙන් තුනෙන් දෙකක්ම මූලික අවශ්‍යතා දෙකක් සඳහා පමණක් වියදම් කරන බව එරට රජයේ නව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ආහාර සහ විදුලිය සඳහායි.

ඒ අනුව පාකිස්ථාන සැලසුම් අමාත්‍ය අහ්සාන් ඉක්බාල් විසින් නිකුත් කරන ලද 2024-25 ගෘහස්ථ ඒකාබද්ධ ආර්ථික සමීක්ෂණ වාර්තාවට අනුව, වත්මන් ආර්ථික පීඩනය සහ ජීවන වියදම ඉහළ යාම නිසා ආදායම්වලට වඩා වියදම් වේගයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පීඩනය යටතේ වසර හයකට වැඩි කාලයක් ගතවීමෙන් අනතුරුව සිදු කරන ලද සමීක්ෂණයේ සොයාගැනීම්, උද්ධමනය මිනිසුන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් කා දමා ඇති ආකාරය පිළිබඳව පෙන්වා දී ඇති අතර, අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට ඇත්තේ 2.5%ක් පමණක් බව ද දක්වයි.

ලෝකයේ ආර්ථික පෙරගමන්කරු බවට ආසියාව ගෙනයාමට චීනයෙන් දැඩි උත්සාහයක්

ලෝකයේ ආර්ථික පෙරගමන්කරු බවට ආසියාව ගෙනයාමට චීනයෙන් දැඩි උත්සාහයක්

එමෙන්ම අධ්‍යාපනය සඳහා වියදම් කිරීම, නිවාස පිරිවැයෙන් අඩකටත් වඩා අඩු වී ඇති බවත් දැක්වේ. මේ අතර එම සමීක්ෂණයට අනුව, ගෘහස්ථ ආදායමේ විදේශ ප්‍රේෂණවල කොටස 5% ට අඩු සිට 8%කට ආසන්න දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම "ප්‍රදාන සහ ආධාරවල දායකත්වය ද 4.6% දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන අතර, එය "අවිධිමත් ආධාරක ජාල මත වැඩි යැපීමක් පෙන්නුම් කරයි" යනුවෙන් නිල වාර්තාවේ දැක්වේ.

එමෙන්ම ස්වාධීන විශේෂඥයින්ට අනුව, මෙහි තවත් විශේෂත්වයක් නම් සීමිත රැකියා අවස්ථා හේතුවෙන් පාකිස්තානයෙන් තරුණ හා දක්ෂ පුද්ගලයින් රටින් පිටව ගොස් තිබීමයි.

බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්