හිටිගමන් වාහන තුනක් ගිනිබත් වෙයි...
By Parami Dissanayake
පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා රථවාහන 3ක් හදිසියේ ගිනිගෙන විනාශ වී ඇති අතර ඒ වෑන් රථයක්, කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් බව පාදුක්ක පොලිසිය පැවසුවේ ය.
හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ ද ඒ වන විටත් වාහන තුනම ගිනිගෙන විනාශ වී ඇති බවත් පොලිසිය පවසා ඇත.
කෙසේ වෙතත්, වෙන්දේසි වත්තක් අසල විශාල ඉඩමක් තුල පිහිටි මෙම ඉඩමට කිසිවෙකුට ඇතුලත් වීමට හැකියාවක් නොමැති බවත් කිසිවෙකු විසින් මෙම වාහන වලට ගිනි තැබුවාද නැතහොත් එක් රථ වාහනයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් රථ වාහන වලටත් ගිනි ඇවිලුනාද යන්න පිළිබදව තවමත් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි.