පඤ්ඤාකර හිමියන් සමඟ අමෙරිකාවට වැඩමවූ ශ්‍රී මහා බෝධි අංකුරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 'Ehipassiko Walk for Peace' භික්ෂූන්වහසේ වෙත පූජා කරන ලද පූජනීය ජය ශ්‍රී මහා බෝධි අංකුරය සූදානම් කිරීමේ කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවවේ මැදිහත් වීමෙන් සිදුකරන ලදි .
බෝධි අංකුරය ආරක්ෂිතව ඇමරිකා එක්සත් ජනපදය වෙත රැගෙන යාම සහ එහි ස්ථාපනය කිරීම තහවුරු කරනු පිණිස, ඇමරිකානු ශාක සෞඛ්‍ය හා නිරෝධායන රීතිවලට අනුකූලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවයේ (NPQS) නිලධාරීන් විසින් මෙම බෝධි අංකුරය ඉතා සියුම් ලෙස සකස් කර තිබේ.
එලෙස සකස් කර තිබෙනුයේ ජාත්‍යන්තර ශාක හා සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල වෙමිනි