අපේ නායකයා ඇතුළු සියල්ල විනාශ කරාට ඇමරිකාවෙන් පලි ගන්නවාමයි - ඉරාන ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු රටේ උපායමාර්ගික කටයුතු මෙහෙයවන ප්‍රධානියා වන, ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි පවසන්නේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද ප්‍රහාර හමුවේ ඉරානය කිසි විටෙකත් යටත් නොවන බවයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ක්‍රියාත්මක කළ යුද මෙහෙයුම හේතුවෙන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු, ඉරානය තීව්‍ර ප්‍රතිප්‍රහාර ක්‍රියාත්මක කර ඇත.
අලි ලරිජානි මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඉරානයේ නායකයාට සහ ජනතාවට එල්ල කළ ප්‍රහාරවලට ජාතික වශයෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකිව යුතු බව අවධාරණය කරයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ,
"අමෙරිකානුවන් දැනගත යුතුයි, අපි ඔවුන්ට මේ දේවල් පහසුවෙන් අත්හැරීමට ඉඩ නොදෙන බව. අපගේ නායකයා ඝාතනය කිරීම සහ සිය ගණනක් ජනතාව ඝාතනය කිරීම සරල කාරණයක් නොවේ. ඔවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි."
එහිදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තර්ජන බැහැර කරමින්, ඉරානය දැනටමත් පරාජිත බවත්, කොන්දේසි විරහිතව යටත් විය යුතු බවත් පවසා තිබේ.නමුත් යටත් වීමට ඉරානය කිසිසේත් කැමති නැති බවත් සඳහන් කරයි.