2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට
2023 වසරේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
Travel Triangle නම් සංචාරක වෙබ් අඩවියේ නවතම වාර්තාවන්ට අනුව මෙලෙස ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු පළමු රට බවට පත්ව ඇත්තේ මෙරට ස්වභාවික සම්පත්වල සුන්දරත්වය හේතුවෙන් වන අතර රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු පන්ති සහ අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන පිළිබඳව මෙම වෙබ් අඩවිය කරුණු දක්වා තිබෙනවා.
අදාළ වෙබ් අඩවිය සඳහන් කරන්නේ, මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය ගැන සංචාරකයින් මවිත වන බවයි. ශ්‍රී ලංකාවේ සිව්වන උසම කදු මුදුන වන ශ්‍රී පාද කදු මුදුණේ සිට දකින දර්ශනය සිත් ඇදගන්නා සුළු එකක් බවත්, ඔබේ ශරීර යෝග්‍යතාවයට අනුව පැය 5-6 ඇතුළත ඔබටම මෙම ලෝක උරුම අඩයට පියනැගිය හැකි බවත් Travel Triangle වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.
ඔබේ ජීවිතය යළි පණ ගන්වා ගැනීමට අවශ්‍යනම්, නැගෙනහිර වෙරළ තීරයේ සෙවන සහිත ස්ථානයක අසුන් ගෙන විටමින් ඩී ලබා ගන්න යනුවෙන් ද ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව සටහන් තබා තිබෙනවා.