ලුම්බිණියට ගිය ලාංකිකයන් 73 දෙනා ආරක්ෂිතයි ඉන්දියානු දේශසීමාවට ඇතුල් වුණා [UPDATE]
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණියට ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බවයි.
-----------------------------------------------
නේපාලයේ ලුම්බිණියට ගිය ලාංකිකයන් ඉවත් කරගැනීමක්--------------@12.15.p.m.
මේ දිනවල නේපාලයේ දේශපාලන ගැටුම් හේතුවෙන් රටපුරා දැඩි කලහකාරී තත්ත්වයක් උද්ගතව ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බවයි.
නමුත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩබිම් මාර්ගයේ හරහා ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි දක්වා ගමන් කල ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු ඉවත්කර ගැනීමට මේ වනවිට කටයුතු සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වාර්තා කරයි.
මෙහිදී අදාල පද්ධති දෝෂයක් මතුවුවද ඒ පිළිබවද නේපාල සංක්‍රමණික බලධාරීන් හා සම්බන්ධ වී කටයුතු මෙහෙයවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව නේපාලයේ කත්මන්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූ අතර, මේ වන විට ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 22 දක්වා ඉහළ ගොස් තිබේ.