යළි පන පොවන වර්ජන රැල්ල.. හෙට හා අනිද්දා දෙදින සංකේත වැඩවර්ජනයක්

Strike Sri Lanka Latest Headlines Postal Strike Sinhala news SriLanka News - Gagana
By Shehan May 28, 2025 03:55 AM GMT
Shehan

Shehan

Report

තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමය, ගැටලු 15ක් මුල්කර ගනිමින් හෙට (29) සහ අනිද්දා (30) සංකේත වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර තිබේ.

මෙම ගැටලු අතර නිලධාරි සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම, නිලධාරි කාර්යභාර දීමනා ලබා නොදීම, බාහිර කම්කරුවන් යෙදවීමට පියවර නොගැනීම, පාලන කාර්යාලවල පැය 100 ඉක්මවූ අතිකාල දීමනා ගෙවීමෙන් වැළකීම, සහ නිලධාරි ගමන් වියදම් සීමාවන් ඉහළ නොදැමීම වැනි ප්‍රධාන ගැටලු ඇතුළත් ය.

ඔබ මහන්සියෙන් හම්බකරපු මුදලට කෙලින දිනයකි...අවලාද පමණයි...දවසේ ලග්න පලාඵල

ඔබ මහන්සියෙන් හම්බකරපු මුදලට කෙලින දිනයකි...අවලාද පමණයි...දවසේ ලග්න පලාඵල

තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පවසන්නේ, මෙම ගැටලු විසඳා ගැනීම සඳහා තැපැල්පතිවරයා සහ විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වුවද, ඒවායින් කිසිදු ඵලදායි ප්‍රතිඵලයක් ලැබුණු නැති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය මාර්තු 07 වැනිදා සහ මැයි 02 වැනිදා පැවති සාකච්ඡාවලදී ලබාදුන් විසඳුම් සහ සම්මුති තැපැල් පරිපාලනය විසින් ඉටු කිරීමට අසමත් වූ බවයි.

මේ හේතුවෙන්, සංගමය දෙදින සංකේත වැඩවර්ජනයකට එළඹීමට තීරණය කළ බව ජයසුන්දර මහතා පැවසීය. එමෙන්ම, මෙම වැඩවර්ජනයෙන් පසු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලබන ජුනි 01 වැනිදා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.

මහනුවර ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

මහනුවර ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

මෙම වැඩවර්ජනය හේතුවෙන් තැපැල් හා විදුලිසංදේශ සේවාවලට යම් බාධා ඇතිවිය හැකි බවත්, ජනතාවට එමගින් ඇතිවන අපහසුතාවය පිළිබඳව සංගමය කනගාටුව පළ කරන බවත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. එසේම, තම ඉල්ලීම් විසඳන තුරු අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, බලධාරීන් විසින් ඉක්මනින් මේ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කළේය.

එක් ශුක්‍රාණුවකින් දරුවෝ 67ක් හදලා.. ළමයි 10කට කැන්සර්

එක් ශුක්‍රාණුවකින් දරුවෝ 67ක් හදලා.. ළමයි 10කට කැන්සර්

ReeCha