ශ්‍රී ලංකා, එංගලන්ත විස්සයි විස්ස තරඟය තව සුළු මොහොතකින්.

Sri Lanka Cricket Dimuth karunarathne England cricket 20-20match
By Aruna Jun 23, 2021 05:23 PM GMT
Aruna

Aruna

Report

එංගලන්තයට එරෙහිව කාඩෆ් හිදී තව සුළු මොහොතකින් ඇරඹෙන පන්දුවාර 20-20 පළමු තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් මෙම තරඟය අද රාත්‍රී 11.00ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

පිතිකරුවන් හයදෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද තරගය ක්‍රීඩා කරන බවයි නායක කුසල් ජනිත් පෙරේරා පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස තරග 3ම පරාජයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව අවසන් වරට පන්දුවාර විස්ස තරගයක් ජයග්‍රහණ කර ඇත්තේ 2014 වසරේදීයි.

ඒ තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර , තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් යන අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ක්‍රීඩා කළ සමයේයි.

එමෙන්ම 2014 වසරෙන් පසුව එංගලන්තයට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කම් දක්වා නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ වසර 7කට පසු එංගලන්ත පිලට එරෙහිව පන්දුවාර විස්ස ක්‍රිකට් ජයක් අපේක්ෂාවෙන්.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස තරග සංඛ්‍යාව 9ක්.

ඉන් තරග 5ක් එංගලන්තය ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකා පිල තරග 4ක් ජය ගැනීමට සමත්වුණා.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  



ReeCha