ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවේ ඉදිකිරීම් කටයුතු ගැන දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මේ වසරේ මුල් මාස කිහිපය සැලකීමේදී ඉදිකිරීම් කටයුතු අඩු වේගයක් ගත්තද එය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කරයි.
ඒ අනුව, නව ඇණවුම්, සේවා නියුක්තිය මෙන්ම ව්‍යාපෘති ප්‍රධානය කිරීම ද ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.
එසේම මිල ඉහළ යාමේ අපේක්ෂා හේතුවෙන් තොග රැස් කිරීමේ ඉහළ යාමක් ද මාර්තු මාසය වන විට දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි.