කුළුබඩු රට යවනවනම් SLS අනිවාර්ය කරයි..

Report

ලබන දෙසැම්බර් මාසයේ සිට මෙරට කුළු බඩු අපනයනය කිරීමේදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි නිෂ්පාදකයන් ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුල මෙරට කුළු බඩු විශාල ඉල්ලුමක් පවතිනවා.

නමුත් කුළු බඩුවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා මෙතෙක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීය.

කුළුබඩු රට යවනවනම් SLS අනිවාර්ය කරයි.. | Sls Is Mandatory For Spice Export

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සහ කුළුබඩු නිෂ්පාදකයන් අතර පැවතී සාකච්ඡාවකදී ඔවුන් පවසා ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ කුළු බඩු අපනයනකරුවන් එම නිෂ්පාදන අපනයනය කිරීමේදී ගැටලු රැසකට මුහුණ දෙන බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයට දැනුම් දී ඇත්තේ කුළුබඩු නිෂ්පාදන සඳහා ප්‍රමිතිය සහතික කිරීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙසයි.

අන්තර් ජාතික පිළිගැනීමක් සහිත සිංගප්පූරුවේ SGS Institute සමග එක්ව ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය අත්සන් කිරීමට නියමිතය.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ මෙරට ප්‍රධාන වැවිලි භෝගවල ගම්මිරිස්, එනසාල්, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන බවයි.

කුළුබඩු රට යවනවනම් SLS අනිවාර්ය කරයි.. | Sls Is Mandatory For Spice Export

එමෙන්ම ඇතැම් කූට වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම නිසා මෙරට කුළුබඩුවල සන්නාමයට බරපතළ හානි සිදු වී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළා. 

ඖෂධ 100ක මිල පාලනයට පියවර ගනී...

ඖෂධ 100ක මිල පාලනයට පියවර ගනී...

......................