ඖෂධ 100ක මිල පාලනයට පියවර ගනී...
සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පාපවසන්නේ තවත් ඖෂධ සියයකට වහාම මිල පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා මේ බව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා.
එහිදී දැනට මිල පාලනයට ලක් කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ සංඛ්‍යාව සියයක් බවත් අමාත්‍යවරයා පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
"එක් ඖෂධයක් වෙළඳ නාම 10 කින්, 15 කින් පමණ තිබෙනවා. සාධාරණ මිලක් නියම කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිලදී ගැනීමට හැකි වෙනවා . අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862 ක් රට තුළ සංසරණය වනවා. ඉන් 675 ක් ආනයනය කරන්නෙ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන්." යනුවෙන් පැවසුවා.

හෙට පාන්දර තමයි දවස - අහස බැලුවොත් වෙන දේ හිතා ගන්න බැරි වෙයි.. පැයකට 10ක් 15ක්.. අනිත්දාත් ඒකම වෙනවලු.. මොකක්ද මේ වෙන්න යන දේ?.
...........................