අලුතින් පත් කරපු අයටත් තෙල් එපාලු - ලිස්ට් එක මෙන්න
මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මින් ඉදිරියට ඔවුන්ට හිමිවන්නේ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් බව සඳහන්.
එසේ මන්ත්‍රී ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුම් දී ඇත්තේ එරංග ගුණසේකර, අරවින්ද සෙනරත්, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සහ එම්.එම් අයි අර්කම් යන නියෝජ්‍ය ඇමතිවරු වේ.
ඉකුත් රජයන්හි ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු බොහෝ දෙනෙක් අමාත්‍ය ධූරයට ලැබෙන ඉන්ධන දීමනාවට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාවද ලබා ගෙන ඇත.
එසේ වුවත් වත්මන් ආණ්ඩුවේ අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.