15 හැවිරිදි පාසල් සිසුවියගේ අසභ්‍ය ඡායාරූප හතර වටේට යවලා
මහනුවර පන්විල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක, 15 හැවිරිදි පාසල් සිසුවියක් සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප විකෘති කර අසභ්‍ය ලෙස සකසා, එම සිසුවියගේ සහෝදරයාගේ නමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කළ සහ සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් නිර්මාණය කළ බවට චෝදනා වන අතර, සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගන්නා ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබූ පැමිණිල්ලක් අනුව, මහනුවර ඒකකයේ නිලධාරින් සිදු කළ විමර්ශනවලදී මෙම සිදුවීම හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් තරුණිය වෙළෙඳ ආයතනයක සේවය කළ සේවාකාරියක් බවද පොලිසිය පවසයි. විමර්ශනවලදී අනාවරණ වූයේ, සැකකාරිය තමන් සමග පණිවුඩ හුවමාරු කළ 20 හැවිරිදි තරුණයෙකුට වෙනත් රූමත් තරුණියක් ලෙස වෙස්වලා සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති අතර, පසුව එම තරුණයාට ඇයගේ සැබෑ රූපය හා හැසිරීම පිළිබඳ දැනුණු පසු සම්බන්ධය නතර කර ඇත.
එයට පළිගැනීමක් ලෙස සැකකාරිය එම තරුණයාගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සාදා, ඔහුගේ 15 හැවිරිදි නැගණිය ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප විකෘති කර අසභ්‍ය ලෙස සකසා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිට ඇත.
තවද එම තරුණයා ඉගෙනුම ලැබූ පාසලක ගුරුවරියකගේ ඡායාරූපද විකෘති කර අසභ්‍ය ලෙස නිර්මාණය කර, එම ගුරුවරියගේ වට්ස්ඇප් අංකයට පුරුෂ ලිංගයක ඡායාරූපයක් පවා යවා ඇති බව ද විමර්ශනවලදී හෙළිවීය.
සැකකාරිය විසින් මෙම ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙක සහ සිම්පත් මත්තෙද ඇසුරුම් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්නගේ උපදෙස් අනුව, මහනුවර ඒකකයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක චතුරි දිසානායකගේ නෙතිතුල සිදු කර ඇත.