කොට්ටාව පොලිසියේ 6 දෙනෙක් වැඩ වරද්දා ගනී

Report

පුද්ගලික බස්රථ හිමිකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් කොට්ටාව පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කර තිබේ.

ඒ අනුව, සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බව අධිකරණය අදාළ පොලිස් නිලධාරින්ට නියෝග කර ඇත.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකගතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.

මෙහිදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණේ කොට්ටාව පොලීසියේ එවක ස්ථානාධිපති එල්.පී.බී.සමරසිංහ, පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුයි.

කොට්ටාව සහ කොළඹ මාර්ගයේ ධාවනය වන බස් රථ දෙකක හිමිකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

2016 වසරේ ජූලි මස 09 වැනිදා රාත්‍රියේදී සිට මිතුරෙකු හමුවී නිවසට පැමිණෙමින් සිටියදී මෙම පොලිස් නිලධාරීන් තමන්ට බැනවැදී හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවත් පසුව පහර දී කොට්ටාව පොලිස් ස්ථානයට රැගෙන ගොස් සිර ගත කළ බවත් ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

පසුව ජූලි මස 10 වැනිදා හෙරෝයින් මිලිග්‍රෑම් 550ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවද බස්රථ හිමිකරු ප්‍රකාශ කර තිබුණි.

අත්අඩංගුවේ දී පහරදීම් සිදු වී ඇති බවට නීතිඥවරයා දැනුම් දීමෙන් අනතුරුව තමන්ව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබේ.

විපක්ෂෙට අපි ඇඬෙන්න දීලා තියෙනවා බලන්න අපේ කථිකයන්ගේ කතාවල හරය - මාලිමාවේ ගුණ වයන වටගල

විපක්ෂෙට අපි ඇඬෙන්න දීලා තියෙනවා බලන්න අපේ කථිකයන්ගේ කතාවල හරය - මාලිමාවේ ගුණ වයන වටගල

ජූලි මස 18 වැනිදා තමන්ව යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී තමන්ව බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් නොකළ බව මෙම පෙත්සම්කරු සදහන් කර ඇත.

එසේම මහේස්ත්‍රාත්වරයා වෙත ඒ බව දැනුම් දුන් බව සඳහන් කර තිබේ.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කළ බව සදහන් කළේය.

මේ සම්බන්ධයෙන්, මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මේනකා විජේසුන්දර කියා සිටියේ‍ අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී මෙම පෙත්සම්කරු පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවලට භාජනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට

මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවට වග උත්තරකරුවන් ප්‍රකාශ කළද ඒ බව තහවුරු කිරීමට වැදගත් වන කරුණු ඉදිරිපත් කිරිමට වග උත්තරකරුවන් අසමත් වී ඇති බවද විනිසුරු මේනකා විජේසුන්දර සඳහන් කළා.

එමෙන්ම, පෙත්සම්කරු නිසි වේලාවට අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමටද වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කර ඇත.