අලුතින් සොයාගත් ග්‍රහකයක් පෘථිවියේ ගැටීමේ අවදානමක් ගැන දැනුම්දීමක්.

NASA World Technology
By Wayomi Feb 02, 2025 09:08 AM GMT
Wayomi

Wayomi

Report

2024 YR4 ලෙස නම් කර ඇති මෙම ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වැනිදා පෘථිවියේ ගැටීමේ සුළු ඉඩ කඩක් ඇති බවට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා ආයතනය සොයාගෙන ඇත.

ඒ, අනුව අදාළ ගැටීමට 1.2% ක සම්භාවිතාවක් ඇති බව සදහන්.

එමෙන්ම අදාළ අභ්‍යවකාශ පාෂාණය, පෘථිවිය ආසන්නයෙන් ආරක්ෂිතව ගමන් කිරීමට 99% කට ආසන්න අවස්ථාවක් ඇති බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

කෙසේ නමුත් මෙම ග්‍රහකයේ නිරීක්ෂණ විද්‍යාඥයින් දිගින් දිගටම සිදු කරනු ලබයි.

මෙම ග්‍රහකය අඩි 131 ත් 328 ත් (මීටර් 40 ත් 100 ත්) අතර පළලක් ඇති බවට ගණන් බලා ඇත. කෙසේ වෙතත් ග්‍රහකයේ සැබෑ ප්‍රමාණය තවමත් අවිනිශ්චිත බව ද සදහන් වේ. මෙම ප්‍රමාණයේ ග්‍රහක වසර දහස් ගණනකට වරක් පෘථිවියට බලපාන බව ද යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි සදහන් කර ඇත.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.


You may like this video

ReeCha