අල,ලුණු,පරිප්පුත් ඉස්සරහට නැතිවෙයි?...

Pakistan India Import Sinhala news
By Ashfa May 03, 2025 12:38 PM GMT
Ashfa

Ashfa

Report

ඉන්දියාව සහ පකිස්තානය අතර ඇතිවන සංකීර්ණතාවය යුධමය අවස්ථාවකට පත් වුණහොත්, එම රාජ්‍යයන් මූලික ආහාර භාණ්ඩ පිටතට යැවීම සීමා කිරීමට හෝ නවතා දැමීමට ඉඩ තිබෙන බැවින්, එවැනි අවස්ථාවකදී එම රටවල් වෙතින් ආහාර ගෙන්වීම කටුක විය හැකි අතර, එය ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂාවට අහිතකර බලපෑම් ඇතිකරන බව ආර්ථික විශේෂඥයෝ පවසයි.

ඉන්දුස් ජල ගිවිසුම ඒක පාර්ශ්වයට අත්හිටු වීමට ඉන්දියාව ලබාගත් තීරණය හේතුවෙන්, පාකිස්ථානයේ වගා නිෂ්පාදනය පහළ යාමක් දක්වා පත්විය හැකි අතර, ඒ මඟින් ශ්‍රී ලංකාවට එරටින් ආහාර භාණ්ඩ ආනයනය කිරීම අපහසු වීමට හැකියාවක් පවතින බව විශේෂඥයින් අවධාරණය කරති.

වැඩ තහනමක්ද?... අවවාද කිරීමක්ද?...

වැඩ තහනමක්ද?... අවවාද කිරීමක්ද?...

සහල්, අර්තාපල්, ලොකු ලුනු, පරිප්පු, සුදුලුනු, සූදුරු මාදුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන අතර දෙරටේ යුද්ධයක් ඇති වුවහොත් එම භාණ්ඩ ගෙන්වීමට බාධා ඇතිවේ.

2023 වසර තුළදී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.19 ක අගයකින් යුත් භාණ්ඩ ආනයනය කර ඇති අතර, එයින් ඩොලර් මිලියන 365.13 ක් වැය වී ඇත්තේ සීනි සහ මත්පැන් හා රසකැවිලි සම්බන්ධ නිෂ්පාදන සඳහාය.

හරිනිගෙන් පොරොන්දුවක්... අලුත් බලාපොරොත්තුව මෙන්න

හරිනිගෙන් පොරොන්දුවක්... අලුත් බලාපොරොත්තුව මෙන්න

එයට අමතරව, ඖෂධ හා සෞඛ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් මිලියන 282.76 ක් ද වැය වී ඇත. එමෙන්ම 2024 වසරේදී ශ්‍රී ලංකාව පාකිස්ථානයෙන් ආනයනය කර ඇති භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 456.51 ක් වේ. ඒ අතර විවිධ වර්ගයේ විශේෂිත එළවළු ද ඇතුළත් වේ. 

ReeCha