වැඩ තහනමක්ද?... අවවාද කිරීමක්ද?...
කොළඹ ගාලු මුවදොර පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට පැමිණි බස් රථ අධිවේගී මාර්ගයේ නතර කර ආහාර ගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.
අධිවේගී මාර්ගයන්ගේ වාහන නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර යම් දෝෂයක් හේතුවෙන් නතර කරන්නේ නම් ආපදා අංශ ලගා වන තෙක් වාහනයෙන් පිටතට බැසීමද තහනම් වේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ ආකාරයට බස් රථ අධිවේගී මාර්ගයේ නතර කර තැබීමට ඉඩ දුන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වැඩ තහනමකට ලක් කිරීමට සුදානම් වන බව තොරතුරු වාර්තා වෙයි.
එම තොරතුරු වාර්තා වීමත් සමගම අප සිදු කල විමසීම්වලදී වාර්තා වුනේ අදාළ නිලධාරින් පිළිබද විනය පරීක්ෂණයක් සිදුකොට ඊට අදාළ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.