2021 අයවැයෙන් ලැබෙන කොවිඩ් සහන මෙන්න

Sri lanka
By Sithumi Nov 12, 2021 10:52 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වසංගතයෙන් බලපෑමට ලක්වු ක්ෂේත්‍ර කිහිපයකට මෙවර අයවැයෙන් සහන සලසා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව යෝජනා වී ඇති සහන පහතින් දැක්වේ. *ක්ෂ්ද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ

. *රට වසා තිබු කාලය තුළ ආදායම් අහිමි වු පාසල් වෑන් රථ හිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කෙරේ. 

 *රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු ත්‍රීරෝද රථහිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ. 

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් ට සහන සඳහා රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කෙරේ. 

 *රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු විශේෂ ක්ෂේත්‍ර සඳහා එනම් කලා නිර්මාණ සහ විනෝදාස්වාදය මත පදනම් ව ක්ෂේත්‍ර සහ උත්සව සේවා සැපයු අංශවල වෘත්තීය කටයුතු කඩිනමින් නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ. 

*ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දිළිඳු තත්ත්වයේ පසුවන පවුල් සඳහා සහන මල්ලක ලබාදීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන්කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha