මේ අයට නිවෙස් කුලියට දීමට පෙර ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න - පොලීසියෙන් ඉල්ලීමක්
විදෙස් ජාතිකයින්ට නිවසක් හෝ යම් දේපළක් කුලියට ලබාදෙන්නේ නම්, ඒ පිළිබදව ළගම ඇති පොලිසියට, දැනුම් දෙන මෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මෙම පියවර ගැනීමට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ, ඇතැම් විදෙස් ජාතිකයින් මෙවැනි නිවෙස් ලබා ගෙන මූල්‍යමය අපරාධ සිදු කරන තත්ත්වයක් පවතින බවයි.