පොලිස් මාර්ග බාධකයකදී අන නොතකා ධාවනය කළ කාර් රථයකට වෙඩි තබයි..පසුව සිදු වූ දේ.
ඊයේ රාත්රී ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේදී, කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත ක්ෂණික ප්රතික්රියා ඒකකයේ (Quick reaction team - QRT) යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන්, ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී මාර්ග බාධක රාජකාරි යෙදී සිටියදී, මාර්ග බාධකය හරහා ගමන්ගත් WP CAS 7009 අංක දරණ කාර් රථයකට නවතන ලෙස කරනු ලැබූ නියෝගය නොතකා ඉදිරියට ගමන් කිරීමේදී පොලිස් නිළධාරින් විසින් වෙඩි තබා තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඔවුන්ගේ යතුරුපැදි උපයෝගී කර ගනිමින්, කාර් රථය හඹා ගොස් මාලිගාවත්ත පොලිස් වසමේ ශ්රි සද්ධර්ම මාවතේදී (ලක් හිරු සෙවන මහල් නිවාස සංකීර්ණය හා හේමමාලි පාසල අසල අතරදී) නවතා තිබිණ.
නිළ ඇදුමින් සැරසී පොලිස් සේවයට නොගැලපෙන වැඩක් කළ පිරිසට සිදු වූ දේ..කොස්තාපල්වරියකටත් ලිංගික අතවර කරල.(VIDEO)
අනතුරුව කාර් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව නිළධාරීන් විසින් කාර් රථය සෝදිසි කිරීමේදී , පොහොර උර දෙකක් තුල ඉටි උර දෙකක අසුරා තිබූ නීති විරෝධි මත්පැන් තොගයක් සොයා ගෙන ඇත.
තවද අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමග කාර් රථය මේ වන විට වැඩිදුර විමර්ශන සදහා කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය මගින් සිදුකරනු ලබයි.
You May Like This Video