මෙයාව දැක්කොත් ඉක්මනට පොලිසියට කියන්න
By Shehan
ආරුගම්බේ ප්‍රදේශයේදී පසුගිය පසුගිය 25 වැනිදා විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොතුවිල් පොලිසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවා හඳුනාගැනීමට හෝ ඔහුගේ ගමනාගමනයන් සම්බන්ධ තොරතුරු ලබාදීමට කැමැත්තු මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පොතුවිල් පොලිස් ස්ථානයේ 063 2248022 හෝ පොතුවිල් පොලිස් ස්ථානාධිපති 071 8591168 යන දුරකතන ඇමතුමක් මගින් තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.