අඩුවට ෆෝන් එකක් ගන්න බලන් ඉන්නවද.. දුරකථන මිල නොහිතූ ලෙස අඩු වෙයි..? වෙන්න යන දේ මෙන්න.

iPhone Smart Phones Businessman
By Sithumi Dec 01, 2023 04:21 PM GMT
Sithumi

Sithumi

Report

අනායන සීමා මාස 4ක් තුළ ක්‍රමයෙන් ඉවත් කරන බවට භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සදහන් කළා. මෙම පියවර හරහා විනිමය අනුපාතයට, විදේශ සංචිත සහ උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති නොකරනු ඇතැයි මහා භාණ්ඩාගාරය විශ්වාස කළ බවයි වාර්තාවන්නේ.

ඒ අනුව මේ වන විට පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, ගෘහ උපකරණ, ලිපි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ඇඳුම් ද්‍රව්‍ය සහ ඇඟලුම්, සම් නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, අමතර කොටස්, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, කෘෂිකාර්මික උපකරණ, නාන කාමර උපාංග, ටයිල් සහ සෙරමික් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයන සීමා ඉවත් කෙරෙන අයිතම අතර ඇතැයි වන බවයි සදහන් වන්නේ.

අඩුවට ෆෝන් එකක් ගන්න බලන් ඉන්නවද.. දුරකථන මිල නොහිතූ ලෙස අඩු වෙයි..? වෙන්න යන දේ මෙන්න. | Phone Price Sri Lanka

මෙරට මේ වන විට ජංගම දුරකථන මිල විශාල ලෙස ඉහළ යෑමට හේතුවන්නේ ප්‍රධාන වශයෙන්ම ආනයන සීමා වේ. එබැවින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග නොසිතූ ලෙස ජංගම දුරකථන මිළ පහළ යනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.